Tuesday, November 4, 2014

කිම් ගේ පළමු පියවර



මෙලොවට එළිය දකී.



ඔයාට මට අපි හැමෝට ම වගේ,කිම් ත් එයාගේ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ගොඩක් මැද හොස්පිටල් එකේදි අපේ ලෝකෙ එළිය දැක්ක...
ඒත් මාර ප්‍රශ්නෙ කියන්නෙ සාමාන්‍යන් බබෙක් ඉපදුන ගමන්ම ඔහෑ ඔ...ඹ්..ඹ්හෑ ගාලා එක දිගට කෑගගහ අඬනවනේ,ඒත් මේ බබා අඬන්නෑ,නර්ස් ලා ඉතිං මේ බබාට අඬනකම් ම වද දෙනව,ඒ මදිවට වෙන්ට ඩොක්ටස්ලා ත් පෙරලා පෙරලා බලනව,ඇයි ඉතිං හාට් බීට් එකයි,අනිත් ඒවත් නෝමල් විදිහට වැඩ කරනවලු නේ.....
මොකද්ද මේ වෙනනේ කියල බලන්න ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙකුත් ඇවිල්ල(එයා පොරොෆෙසර් කෙනක්ලු කැම්පස් එකේ) පොඩ්ඩක් බැලුව,
මෙන්න බොලේ එක පාරට ම කකුල් දෙක හොලවලා ඔහෑ ඔ...ඹ්..ඹ්හෑ ගාන්න ගත්තලු ඔක්කොටෝ ම හරි සතුටුයිලු,ඔය අතරෙ කසුකුසුවක් යනව අර වෙන්ට ඩොක්ටර්ස්ල 2නෙක් අතර කැම්පස් එකේ දි අපිව වගේ ම මෙහෙදිත් පොඩි එකාවත් බය කරල පණ ගත්ත කියල....



ඹ්ක ලාවට වගේ පොරොෆා ට ඇහිලා හිනා වෙවී ගියාලු
කොහොමින් කොහොම හරි ඔන්න කිම් ඉපදුනා. කිම් ගේ අම්මටයි තාත්තටයි හරි සතුටුයිලු.හා තව පොඩ්ඩෙන් අමතක වෙනව කිම් ඉපදෙන කොට දැකුම් කළු ( ආසන්න කළු) බෝල ගෙඩියක් වගේ ලු.වඩාගන්න එහෙම ටිකක් අමාර`යිලු බරයිලු....
ඔන්න ඉතිං කිම් එගේ ගෙදරට ආවලු,කිම්ගෙ ගෙදර මගුල් ගෙයක් වගේ ලු.වැඩේ කියන්නෙ කිම් නම් රෑට නොනිදන දවල් ට  ඒවටත් එ ක්ක හරියන්න දොයියනවලු,කිම්ගෙ අම්මටයි තාත්තටයි ඒ හින්ද හරිම කරදර ලු,ඒත් ඉතිං අම්මල තාත්තල කවදාවත් ළමයිව කරදරයි කියල දකින්නෙ නෑනේ...
ඔය විදිහට කිම් දවසින් දවස ලෝකය අඳුරනව,මේ අතරෙ ඉතිං ඉපදුන  දවසෙ ඉඳං කිම්ගෙ අම්මගෙයි තාත්තගෙයි යාළුවො බලල කිම් ව හුරතල් කරල තෑගි දීල යනව.කිම්ගෙ අම්මටයි තාත්තටයි ඒ හින්ද හරිම සතුටුයිලු...

මීල සතියේ,
   කිම් ගේ පලමු උපන් දිනය
   කිම් පොල්තෙල් බෝතලයක් පාවිච්චි කරයි



          ඒකොහොමද බලන්න අනිවර්යෙන් ලබන සතියේ
 මං හරි සයි කියවන්න.....





No comments:

Post a Comment