Wednesday, October 14, 2015

ඔයා එනකම්... 💓💓💓



ඔයා එනකම්
 හිටිය මග බලාගෙන මං..
ඔයා කියපු,
කරපු සමහර දේවල්
 ඔයාටත් හොරෙන්
 ආසවෙන් බලා හිටියා මං..
සමහර තැන්වල,
ඔයා ලග තිබුන හුරතලේ,
හරියට පොඩි එකෙක් වගේ..
දැන්,මතක් වෙනකොට ඒවා...
මං හිතන්නෙ,
 ඒ  හැටි, වෙන්න ඇතී..

Saturday, August 29, 2015

THEN YOU HAVE FOUND LOVE ❤

THEN YOU HAVE FOUND LOVE.....


''I'm happy for you'' is
 the hardest lie to tell when your old love found someone new..!
 I want No Change.
 I simply want YOU back in MY LIFE..
 Nothing more than that..!
 To Have A Good Day..
 Keep Your Gratitude Higher Than Your Expectations..!
 I think you're suffering from lack of Vitamin ME...! grin emoticon
 Whatever Happens Good Or Bad..!
 You're The First Person I Want To Tell Everything To...!
 Nobody Can Take Away Your PAIN.
 So, Don't Let Anyone Take Away Your HAPPINESS.
 Find 'ARMS' That Will 'HOLD' You At Your Weakest.
 'EYES' That Will 'SEE' You At Your Ugliest.
 And A 'HEART' That Will 'LOVE' You At Your Worst..!
Then You Have Found TRUE LOVE

Monday, August 24, 2015

කිම් අම්මත් එක්ක ඉස්කෝලේ ගිහිල්ලා



ඉතින් යාලුවනේ කොහොමද ඔන්න කාලෙකට පස්සේ අයෙත් කිම් ට , බෙන්ග ට ආදරේ කරන අය වෙනුවෙන්  අයෙත් ඔයාලගේ කතාව කිම් ඔයාලගේ ඇඟිලි තුඩට ගෙන්න මම ලැස්ති උනා, මේක ම්ම ලියන්නේ නෑ කියලමයි හිට්යේ ඒත් ඔයා ඉල්ලපු හින්දමයි මේක ලියන්න හිතුවෙ කොච්චර වැඩ කන්දක් තිබ්බත්, හරි අපි කතාවට යමුකෝ.....

ඔයාලට මතක ඇතිනේ කිම ගේ හැටි, ඉපදුන විදිහ, පොල්තෙල් බෝතල්... , බෙංග වාගේ ඒවා මාර වැඩ ...
මම ඔයාට කිව්වද මතක නෑ මට කිම් ගේ අම්මා ඉස්ස්කොලේ උගන්නන්නවා, දවසක් මේ කිම් ට කනාවට වාගේ චාන්ස් එකක් අවා අම්මත් එක්ක ඉස්ස්කොලේ යන්න.එදා මේකනේ උනේ,




කිම්ගේ තාත්ත උදේම කොහේදෝ ගිහිල්ලා ඉතින් කිම්ගේ අම්මට එදා වෙන කවුරුවත් ඉඳල නෑ කිම් ව ගෙදර තියලා යන්න.වෙන කරන්නත් දෙයක් නැනේ කිම් ව ලැස්ති කරගෙන එක් කරගෙන ගිහිල්ලා.එතකොට කිම් ට අවුරුදු 3ක් පහුවෙලා.කිම් ඉස්ස්කොලෙට යනකොට ඉතින් කිම් ගේ හුරතල් කමට කිම් ගේ අම්මගේ යාලුවෝ කිම්ව එහෙන් මිරිකනවා මෙහෙන් මිරිකනවා කිස් කරනවා, කිම් අකමැතිම දෙයක් තමා එයාව කිස් කර එක එකට එය කරන්නේ ඕන දෙයක් කරනකම් ඉන්නම්කෝ නැත්තම් ත්රහවෙනවනේ කියල එයාව කිස් කරනකන් බලාගෙන ඉඳල ඒක පිහලා දානවා, bugs කියල වෙන්න ඇති නේ පිහින්නේ....





කිම් ගේ අම්මා කිම් ව හෝඩියේ පන්න්තියෙන් තියලා එයාලත් එක්ක කරදයක් නෙවෙන ව්දිහට ඉන්න කියල ඉන්න කියල ගියාලු.කිම්ටත් ඉතින් අලුත්ම තැනක්,අලුත් යාලුවෝ ගොඩාක්. එයාලත් එක්ක යාලුවෙන්න පටන් ගත්ත ව්තරයි ඉස්ස්කොලේ ඇරියාලු, එදා සෙට් වෙන්න පටන් ගත්ත යාලුවෝ සෙට් එකම ගියාලු,ඒත් ඉතින් කිම් ට ගෙදර යන්න බැනේ අම්මත් එක්කනේ ආවේ,ද ඉතින් කවුරුත් ඇත්තෙත් නෑ කිම් ට වැඩකුත් නෑ, මොන කරන්න ද කියල බල බල ඉන්නකොට කිම් ට හම්බුනා දිය සායම් පෙට්ටියක්, ළඟ පාත කොලෙකුත් බලලා චිත්‍රයක් අඳින්න බැලුව ඒත් ඉතින් නිල පාට දිය සායම් වල නෑ ඉවරවෙලා, වටපිට බලනකොට දැක්ක නිල්පාට ලොකු තීන්ත කුප්පියක්(අපි පෑන් වලට දාන තීන්ත බෝතලයක්) ගත්ත ඒක එබුවා පින්සල ඇන්ද චිත්‍ර,ඔක්කොම නිල පාට.....
කොහොමහරි චිත්‍ර ඇඳලා ඉවර වෙනකොට කිම්ගේ ඇඳුමේ, ඇඟේ ඉදං නිල් පාට මුළු මේසෙත් නිල් පාට,බිමත් නිල් ඔක්කොම නිල්
කොහොම හරි කිම්ගේ අම්මා එනකොට කිම් පිටසක්වල ජීවියෙක් වාගේ නිල් වෙලා...
ඔන්න ඔහොමයි කිම් අම්මත් එක්ක ඉස්ස්කොලේ ගියේ...



මීලග සතියේ...
          කිම් කෝච්චියේ යයි...
                   මොකද්ද වෙන්නේ කියල දැනගන්න ලබන සතියේ මං හරි ආසයි කියවන්න

Thursday, May 21, 2015

කාලෙකට පස්සේ....(182)

කාලෙකට පස්සේ....(182)


ඉතිං‍ යාලුවනේ කොහොමද දවස් 182 කට පස්සේ තමා ඔයාලව හම්බෙන්නේ,මාව මතකයි ද දැන් නෑ නේ...
හරි ඉතිං මතක අමතක ඔක්කොගෙන්ම සමාව ඉල්ලලා ඔයාලගේ කතාව
එතකොට,
                                                    මට හිතෙන දේවල්,

                           


මගේ අත්දැකීම්,


කවි,


නිසදැස්


අයෙම ලියන්න පටන් ගන්නම්කො.

එතකොට,
මාව අමතක වුනු,
මතක තියාගෙන,
බෙංග ට මොකෝ වෙන්නේ කියල බලාගෙන හිටපු ඔක්කොටෝමත්,
මට හිතෙන දේ ලියනකම්ම බලාගෙන හිටපු ඔක්කොටෝමත්,
අයෙත් මාත් එක්කම ඉන්න පුළුවන්....

මේකනේ උනේ මගේ ජීවතේ ටිකක් වෙනස් අතකට මේ දවස් 182 ඇතුලේ හැරවුණ කිව්වොත් හරියටම හරි.මොකෝ දන්නවද ඩිග්රී එකේ එග්සෑම්ස් ටික ඉවරකරනවත් එක්කම ජොබ් එකකකුත් හම්බුනා එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් වෙන්න...
ඔය වාගේ තව ගොඩාක් දේවල් උනා.....ඔක්ක්කොම මේකේ ලියන්නත් බැනේ නේ...
එහෙනම් ඉතින් ආයෙත් දුක සතුට කඳුල සිනහව පිරුණු ජීවිත අත්දැකීම් වලින් සපිරුණු කවි,කතා,නිසදැස් සහ බොහෝ දේ ඔයාගේ ඇඟිලි තුඩටම ගේන්න මට අවසර දෙනවද.....  

     

Wednesday, November 19, 2014

කිම් ගේ තෙවන පියවර


ගෙම්බා ට නමක්.

උපන් දින සමරපු,පොල්තෙල් බෝතල් පාව්ච්චි කරපු අපේ කිම් මේ සතියේ මොනා කරයිද දන්නෑ කියලා ඔයාලා නොඉවසිලෙන් බලාගෙන ඉන්නවා කියල මම දන්නවා.ඒ මදිවට මම කිව්වනේ තව ගෙම්බා ට අලුත් නමක් දෙයි කියලා...
මෙන්න මේ සතියේ කිම්ගේ වික්‍රමය ගෙම්බා ට කිම් අලුත් නමක් දෙයි.
ඔයාගෙ,මගේ ගෙදර අනිවාර්යෙන්ම ඔයා,ඔයාගේ පවුලේ කට්ටිය කිටී/පූස් පැටිය බලු පැටිය වගේ සුරත්ලෝ ඇරෙනකොට තවත් කට්ටිය ගොඩාක් ඔයත් එක්කම ඉන්නවා නේද ? අන්න ඒ වගේ අපේ කිම් ගේ ගෙදරත් ගොඩාක් අය ඉන්නවලු...
දවසක් රෑ වෙලා කිම් පුටුවක් උඩ ඉන්නකොට පැන පැන යන මොකද්දෝ දෙයක් දැකල,
          “අම්මේ මෙන්න මොකක්දෝ උඩ පනිනවා....”
කියල අපේ කිම් කෑගැහුවලු.ඕක ඇහිච්ච කිම්ගේ තාත්ත බයවෙලා ඇවිත් බලපුහම ඔයට,මට පුරුදු අර බක වරක් චක්කරේ කියනකෙනා,
          “දෙක දෙක - බක බක
            බක බක - දෙක දෙක”
කිය කියා පැන පැන යනවලු.ඔයිට කලින් අපේ කිම් ගෙම්බෙක්ව දැකල තිබ්බේ නෑනේ...

ඔන්න ඉතින් කිම් ගේ තාත්ත ඒ තමයි ගෙම්බා කියල අපේ කිම් ට introduce කරලු.වැඩේ කියන්නේ කිම් ගෙම්බට කියන්නෙම,

“ බෙංග ”

කියලලු.කිම් ගේ තාත්ත කොච්චර කිව්වත් කිම් කියන්නෙම බෙංග කියලලු.
මේක අහපු කිම්ගේ අම්මටයි තාත්තටයි හරි හිනාලු....
          මේක මම දැනගත්තු වෙලාවේ නම් මම කිව්වේ මේ නමින් අපි ගෙම්බා ව අලුතින් නාමකරණය කරමු කියල,මොකද හිතෙන්නේ ඔයාට හොදයි නේද ?
          ඔන්න ඔය අතරේ කිම් ට හම්බුනා වරප්‍රසාදයක් වෙන කාටවත් හම්බෙනැති,අවුරුදු 3දිම ඉස්කෝලේ යන්න...
          ඒ වෙන මොනවත් හින්ද නෙවේ කිම්ගේ අම්මා ඉස්කෝලේ උගන්න හින්ද.ඒ හින්දම කිම් ට උනා ඉස්කෝල 6කට යන්න, එක මම පස්සේ දවසක කියන්ම්කො.කොහොමින් කොහොම හරි කිම්ගේ අම්මත් එක්ක කිම් ඉස්කෝලේ ගියා.
Image

          කිම් අම්මත් එක්ක ඉස්කෝලේ ගිහිල්ලා කරපු දේවල් දැනගන්න ලබන සතියේත්  මං හරි ආසයි කියනවා නේද ? 

Tuesday, November 11, 2014

කිම් ගේ දෙවන පියවර

කිම් ට අවුරුද්දයි පොල්තෙල් බෝතලයයි

ඉතින් යාලුවනේ කොහොමද කිම් ගැන මොකෝ හිතෙන්නේ....ඔයාට හිතෙනවා නේද මං හරි ආසයි කිම් ට කියල,එහෙනම් එචරයි මට ඕන එචරයි....
ඔන්න ඉතින් අපේ කිම් ඔයා මම වගේ බඩ ගානවා,පෙරළෙනවා,හිනා වෙනවා,කෑ ගහනවා වැඩ කෝටියයි.කිම් ගේ තාත්ත නම් මේකට ටිකක් කැමති නෑ වාගේ,ඇයි ඉතින් ආය කිම් ට තේරෙනෙත් නෑනේ තුවාලයක් වත් වෙයි කියලා ගොඩාක් බයයි.ඒත් ඉතින් අම්මට නම් හරී සතුටයි...ඇයි ඉතින් දැකුම්කළු බෝල ගෙඩිය පෙරලි පෙරලි ඉන්නවනේ....
දින,සති,මාස ගෙවිලා කාලය අපි ඔක්කොටෝම හොරෙන් ගෙවිලා යද්දී,අපේ කිම් ත් බඩ ගලා,දන ගලා,වැටි වැටී හිටගෙන ඉපදිලා පළවෙනි අවුරුද්දටත් ලං උනා.කිම් ගේ අම්මා ට කේක් හදන්න එහෙම හොදට පුළුවන්ලු,නිකන් නෙවෙයි ඕනම කේක් එකක් රස ම රසයි,දෙපාරක් කන්න හිතෙනවා මාත් කෑවනේ...
හෝව් හෝව් කේක් නෙවේනේ...
හාහා පුරා කියල කිම්ගේ අම්මයි තාත්තයි කිම්ගේ පළවෙනි උපන් දිනේට අපේ කිම් වෙනුවෙන් Birthday කේක් එකක් හැදුවා,එක නිකන් කේක් එකක් නෙවෙයි,
Donald Duck කෙනෙක්...


කේක් එක දැකපු කීමට හරි සතුටුයි,මොකද කිම්ගේ කැමතිම catoon චරිතේ තමා Donal Duck.පාටි එකට කිම්ගෙ අම්මගෙයි තාත්තගෙයි යාළුවො ඔක්කොම ඇවිල්ල හිටියා.කිම්ගේ අම්මා කීමට කේක් කපන්න කියලා කිම්ට පිහිය දුන්නා.කිම්ත් ලේසි පහසු කෙනෙක් නෙවේනේ.ඔයාල දන්වනේ,මතක ඇති නේ කිම් ඉපදුන හැටිත්.පිහිය අතට ගත්ත විතරයි අර ලස්සන Donal Duck ගේ බෙල්ල ගාවින්ම කපලා දැම්මා.ඔය දැකපු කිම්ගේ මාමා කෙනෙක් කියපි Donal Duck ගෙත් බෙල්ල ලගින්ම කැපුවා දැන් කොහොමද Donal Duckට පන දෙන්නෙ කියල.එතන හිටපු අයට හරි හිනා.අන්තිමේදී අපි කවුරුත් Birthday එකේදී කියන Happy Birthday To You කියලා ඔක්කොමලාම කිම් ට සුභ පතල කිම් ගේ පළවෙනි උපන් දින උත්සවය ජයටම සැමරුවා...
ඔහොම ඉන්නකොට කිම්ගේ අම්මා M.A එකට එක්සෑම් ළග නිසා පාඩම් කරන්න ලෑස්ති වුණා.අම්මා පාඩම් කර කර ඉන්න අතර තුරේ තාත්තා කඩේ ගිහිල්ලා පොල්තෙල් ගෙනල්ල බෝත්ලෙකට,පස්සේ දානන්ම් කියලා බෝතලේ තියලා ගිහිල්ලා.

මේක දැකපු අපේ කිම් ගේ අම්මටයි තාත්තටයි උදව්වක් කරන්නම් කියලා.බොහොම අමාරුවෙන් බෝතලේ උස්ගෙන කුස්සියේ සින්ක් එකලගට ගිහින් මුළු බෝත්ලේම සින්ක් එකට දැම්මලු.ඇයි ඉතින් තාත්තත්
සින්ක් එක ගවාදී නේ පොල්ත්ල් බෝතලේට දාන්නේ...
          කුස්සියේ නිකන් බෝතලයක් පෙරලෙන සද්දයක් වාගේ ඇහිලා කිම්ගේ අම්ම කුස්සියට ගියාලු.බලනකොට වැඩේ හරිලු,කිම් පොල්තෙල් දාලලු බින්දුවක් වත් ඉතුරු නොවෙන්න්නම සින්ක් එකට.....
          ඔන්න ඉතින් අපේ කිම්ගේ වැඩ.ඇත්තටම පොඩි කාලේදී අපිත් මේ වාගේ මාර මාර වැඩ කරන්න ඇතිනේ....
          ඒවගේ වැඩ තියෙනවනම් අනික් අයටත් බෙදාගන්න අපි ලියමු නේද මගේ යාලුවනේ...


මීලග සතියේ...
          කිම් ගෙම්බා ට අලුත් නමක් දෙයි...
                   මොකද්ද කියල දැනගන්න ලබන සතියේ මං හරි ආසයි කියවන්න


Thursday, November 6, 2014

(නො)වෙනස



මගේ දෑස

 විවෘත විට,
අහස නිල් පාටින්
ගස් වැල් කොල පාටින්
වතුර වතුර පාටින්
පාර කළු පාටින්
තවත් බොහෝ දේ
නේවිද පාටින්
පෙනේ...
දෑස වැසූ කළ
තත්පර මිනිත්තු ගතවී
මද වෙලාවකට පසුමැවේ දසුන්
සතුට දුක බිය
වලින් පරිපූර්ණ...

ගේ කට

විවෘත විට,
ප්‍රශ්න වලට උත්තර
උත්තර බලාගෙන ප්‍රශ්න
ප්‍රශ්නත් නොවන
උත්තරත් නොලැබෙන ගොඩක් දේ
කියැවේ...
මගේ කට වැසූ විට,
සිතින් විඳිමින්
හෝ විඳවමින්,
බලා සිටී....

මගේ දෙසවන

විවෘත විට,
කෙනෙකුගේ සතුට
කෙනෙකුගේ සන්තාපය
කෙනෙකුගේ තරහව / වෛරය
ඇතුළු නේකවිද දේ,
ඇසේ මට...
ඒත් මගේ දෙසවන
වැසූ විට...?