Monday, August 24, 2015

කිම් අම්මත් එක්ක ඉස්කෝලේ ගිහිල්ලා



ඉතින් යාලුවනේ කොහොමද ඔන්න කාලෙකට පස්සේ අයෙත් කිම් ට , බෙන්ග ට ආදරේ කරන අය වෙනුවෙන්  අයෙත් ඔයාලගේ කතාව කිම් ඔයාලගේ ඇඟිලි තුඩට ගෙන්න මම ලැස්ති උනා, මේක ම්ම ලියන්නේ නෑ කියලමයි හිට්යේ ඒත් ඔයා ඉල්ලපු හින්දමයි මේක ලියන්න හිතුවෙ කොච්චර වැඩ කන්දක් තිබ්බත්, හරි අපි කතාවට යමුකෝ.....

ඔයාලට මතක ඇතිනේ කිම ගේ හැටි, ඉපදුන විදිහ, පොල්තෙල් බෝතල්... , බෙංග වාගේ ඒවා මාර වැඩ ...
මම ඔයාට කිව්වද මතක නෑ මට කිම් ගේ අම්මා ඉස්ස්කොලේ උගන්නන්නවා, දවසක් මේ කිම් ට කනාවට වාගේ චාන්ස් එකක් අවා අම්මත් එක්ක ඉස්ස්කොලේ යන්න.එදා මේකනේ උනේ,




කිම්ගේ තාත්ත උදේම කොහේදෝ ගිහිල්ලා ඉතින් කිම්ගේ අම්මට එදා වෙන කවුරුවත් ඉඳල නෑ කිම් ව ගෙදර තියලා යන්න.වෙන කරන්නත් දෙයක් නැනේ කිම් ව ලැස්ති කරගෙන එක් කරගෙන ගිහිල්ලා.එතකොට කිම් ට අවුරුදු 3ක් පහුවෙලා.කිම් ඉස්ස්කොලෙට යනකොට ඉතින් කිම් ගේ හුරතල් කමට කිම් ගේ අම්මගේ යාලුවෝ කිම්ව එහෙන් මිරිකනවා මෙහෙන් මිරිකනවා කිස් කරනවා, කිම් අකමැතිම දෙයක් තමා එයාව කිස් කර එක එකට එය කරන්නේ ඕන දෙයක් කරනකම් ඉන්නම්කෝ නැත්තම් ත්රහවෙනවනේ කියල එයාව කිස් කරනකන් බලාගෙන ඉඳල ඒක පිහලා දානවා, bugs කියල වෙන්න ඇති නේ පිහින්නේ....





කිම් ගේ අම්මා කිම් ව හෝඩියේ පන්න්තියෙන් තියලා එයාලත් එක්ක කරදයක් නෙවෙන ව්දිහට ඉන්න කියල ඉන්න කියල ගියාලු.කිම්ටත් ඉතින් අලුත්ම තැනක්,අලුත් යාලුවෝ ගොඩාක්. එයාලත් එක්ක යාලුවෙන්න පටන් ගත්ත ව්තරයි ඉස්ස්කොලේ ඇරියාලු, එදා සෙට් වෙන්න පටන් ගත්ත යාලුවෝ සෙට් එකම ගියාලු,ඒත් ඉතින් කිම් ට ගෙදර යන්න බැනේ අම්මත් එක්කනේ ආවේ,ද ඉතින් කවුරුත් ඇත්තෙත් නෑ කිම් ට වැඩකුත් නෑ, මොන කරන්න ද කියල බල බල ඉන්නකොට කිම් ට හම්බුනා දිය සායම් පෙට්ටියක්, ළඟ පාත කොලෙකුත් බලලා චිත්‍රයක් අඳින්න බැලුව ඒත් ඉතින් නිල පාට දිය සායම් වල නෑ ඉවරවෙලා, වටපිට බලනකොට දැක්ක නිල්පාට ලොකු තීන්ත කුප්පියක්(අපි පෑන් වලට දාන තීන්ත බෝතලයක්) ගත්ත ඒක එබුවා පින්සල ඇන්ද චිත්‍ර,ඔක්කොම නිල පාට.....
කොහොමහරි චිත්‍ර ඇඳලා ඉවර වෙනකොට කිම්ගේ ඇඳුමේ, ඇඟේ ඉදං නිල් පාට මුළු මේසෙත් නිල් පාට,බිමත් නිල් ඔක්කොම නිල්
කොහොම හරි කිම්ගේ අම්මා එනකොට කිම් පිටසක්වල ජීවියෙක් වාගේ නිල් වෙලා...
ඔන්න ඔහොමයි කිම් අම්මත් එක්ක ඉස්ස්කොලේ ගියේ...



මීලග සතියේ...
          කිම් කෝච්චියේ යයි...
                   මොකද්ද වෙන්නේ කියල දැනගන්න ලබන සතියේ මං හරි ආසයි කියවන්න

No comments:

Post a Comment