Thursday, November 6, 2014

(නො)වෙනස



මගේ දෑස

 විවෘත විට,
අහස නිල් පාටින්
ගස් වැල් කොල පාටින්
වතුර වතුර පාටින්
පාර කළු පාටින්
තවත් බොහෝ දේ
නේවිද පාටින්
පෙනේ...
දෑස වැසූ කළ
තත්පර මිනිත්තු ගතවී
මද වෙලාවකට පසුමැවේ දසුන්
සතුට දුක බිය
වලින් පරිපූර්ණ...

ගේ කට

විවෘත විට,
ප්‍රශ්න වලට උත්තර
උත්තර බලාගෙන ප්‍රශ්න
ප්‍රශ්නත් නොවන
උත්තරත් නොලැබෙන ගොඩක් දේ
කියැවේ...
මගේ කට වැසූ විට,
සිතින් විඳිමින්
හෝ විඳවමින්,
බලා සිටී....

මගේ දෙසවන

විවෘත විට,
කෙනෙකුගේ සතුට
කෙනෙකුගේ සන්තාපය
කෙනෙකුගේ තරහව / වෛරය
ඇතුළු නේකවිද දේ,
ඇසේ මට...
ඒත් මගේ දෙසවන
වැසූ විට...?



No comments:

Post a Comment