Sunday, January 12, 2014

මේ සිදුවීම උනේ 2012 වසරේ මාර්තු මාසේ අවසාන දින කීපයෙන් එක දවසක. ස්ථානය සදහන් නොකර ඉමුකො.

 එක්තරා තනතුරක් සදහා අයදුම් කරන්න කියල පත්තරේ ඇඩ්වර්ටීස්මන්ට් එකක් දැක්ක නිසා ඔන්න මමත් ඉතින් ඇප්ලයි කොලා. ආය කාගෙන් තහනමක්ද?. පැන්ෂනුත් තියන නිසා අම්මත් උනන්දු කරා දාන්න කියලා. :)

 අවම සුදුසුකම උනේ මොනයම්  හෝ උපාධියක් තිබීම.

මටත් එහෙම එකක් තියනව කියල කොලයක් දීලා තිබුන නිසා රෙඩි වෙලා හිටිය කොයි වෙලේ ඉන්ටවිව් එකකට එන්න කියල ලියුමක් එවයිද කියල බල බල.

මේ අතර දවසක් හිතපු විදියටම ලියුමක් ආව අහවල් දිනය දා උදේ මෙන්න මේ වෙලාවට අහවල් තැනට එන්ඩ කියල ගේන්ඩ ඕන දෙවල් ටිකත් කියල තිබුනා, සහතික ඒෙහම.

…ඔක්කොම  පොදි බැදගන නියමිත වෙලාවටත් කලින් මම් ඉතින් අම්මත් එක්ක අදාල තැනට සම්ප්‍රාප්ත උනා. අම්මේ... සූ ගාල කට්ටිය.


ආව අයව ලියාපදි0චි කරගැනීමකුත් මෙතනදි සිද්ද උනා.ඒ කියන්නෙ ඉන්ටවිව් එකට ආව කියල අෙපන් අත්සනකුත් ගත්තා. 

ඉන්ටවිව් කරන තැන තිබ්බෙ ලොකු හෝල් එකක. හොම්බ දාල බැලින්නම් පැනල්ස් 4ක් තියනව කට්ටිය හිටු කියල ඉන්ටවිව් කරනව. එලියට එන අයගෙ ඒතරම් ආතතියකින් පෙලුන බවක් නම් පෙනුනේ නෑ.

…මොකෝ කලින් මම් ගිහින් තියන ඉන්ටවිව් වලදි ලැබිච්ච අද්දැකීමුත් එක්ක හොදටම සූදානම් වෙලා ගියෙ ඉතින්, කඩ්ඩත් ටිකක් හදාගන :).


ඔන්න මට යන්න හම්බුනා පැනල් නම්බර් 02. එක මහත්තයෙක් මුලසුන, අනිත්  නෝන මහත්තයා සහතික බලනව වෙන්න ඕනේ. 

ගියපු ගමන් අයි ඩී එක ඉල්ලගන මූණ දිහා ඒෙහමත් බලලා චෙක් කරල එහෙම සහතික ටික දෙන්න කීව, ප්‍රශ්න මොකුත්ම නෑ... 

ඔලෙවල් ඒලෙවල් සහතික ටික චෙක් කරා... පස්සෙ උපාධිය.

 අහ්! මේ...මොකද්ද?... උපාධි  සහතිකයක්ද ? කොහෙද මේ ???... 

…මටත් ටිකක් ඒකට නම් තරහක් ආව ඇයි දෙය්යනේ අවුරුදු 4ක් කට්ට කාල ගත්ත සහතිකේ! මොකද්ද? කියල අහනව.ඉන්ගිරිසියෙන් තිබ්බ නිසා මොකද්ද කියල හොයාගන්න බැරි උනාද දන්නෙ නෑ... :)


ඒත් එහෙම වෙන්ඩ බෑ...නේ, උගත් බුද්ධිමත් මහත්තුරුනේ ඉන්ටවිව් පැනල් වල ඉන්නෙ... මම් ඉතින් පැහෑ...දිලිව කිව්ව ස... ඔක ල0කාවෙ 1* වෙනි යුනිවසිටි එක යූජීසී එක ඇපෲව්  කරපු එකක් කියලා...

…කොහෙද... මොකද්ද... මේ... කොලිටියක් නෑ... මේක යූජීසි එකට දන්වන්න වෙනව බ්ලා බ්ලා කතා ගොඩයි. ඉන්ටව් එක එච්චරයි මම් එලියේ :). 


මට ඇඩෙන්න ඔන්න මෙන්න අම්ම හිටපු නිසා වාවගන හිටියා අැයි යකෝ රස්සව දෙන  නොදෙන එක වෙනම දෙයක් ඒ වගේද  කන්ඩෙම් කරන එක! 


ඉතින් මම් එතනදිම දැන ගත්ත මේක වෙන දෙයක් නෙමේ කියල.

එන්න පිටත්වෙන්න හදද්දිම අදුරන කෙනෙක් හම්බෙලා කිවෙ, ඇයි කලින් ඉන්ටව් එකක් තිබ්බනෙ ඒකට ආවෙ නැද්ද?... කියල. ඒ ලිස්ට් එක යවලත් ඉවරයි! අපරාදෙ!

එතකොට අපිව ඉන්ටවිව් කරල තියෙන්නෙ බොරුවටද ? :)

No comments:

Post a Comment