Sunday, January 12, 2014

මේ සිදුවීම උනේ 2012 වසරේ මාර්තු මාසේ අවසාන දින කීපයෙන් එක දවසක. ස්ථානය සදහන් නොකර ඉමුකො.

 එක්තරා තනතුරක් සදහා අයදුම් කරන්න කියල පත්තරේ ඇඩ්වර්ටීස්මන්ට් එකක් දැක්ක නිසා ඔන්න මමත් ඉතින් ඇප්ලයි කොලා. ආය කාගෙන් තහනමක්ද?. පැන්ෂනුත් තියන නිසා අම්මත් උනන්දු කරා දාන්න කියලා. :)

 අවම සුදුසුකම උනේ මොනයම්  හෝ උපාධියක් තිබීම.

මටත් එහෙම එකක් තියනව කියල කොලයක් දීලා තිබුන නිසා රෙඩි වෙලා හිටිය කොයි වෙලේ ඉන්ටවිව් එකකට එන්න කියල ලියුමක් එවයිද කියල බල බල.

මේ අතර දවසක් හිතපු විදියටම ලියුමක් ආව අහවල් දිනය දා උදේ මෙන්න මේ වෙලාවට අහවල් තැනට එන්ඩ කියල ගේන්ඩ ඕන දෙවල් ටිකත් කියල තිබුනා, සහතික ඒෙහම.

…ඔක්කොම  පොදි බැදගන නියමිත වෙලාවටත් කලින් මම් ඉතින් අම්මත් එක්ක අදාල තැනට සම්ප්‍රාප්ත උනා. අම්මේ... සූ ගාල කට්ටිය.


ආව අයව ලියාපදි0චි කරගැනීමකුත් මෙතනදි සිද්ද උනා.ඒ කියන්නෙ ඉන්ටවිව් එකට ආව කියල අෙපන් අත්සනකුත් ගත්තා. 

ඉන්ටවිව් කරන තැන තිබ්බෙ ලොකු හෝල් එකක. හොම්බ දාල බැලින්නම් පැනල්ස් 4ක් තියනව කට්ටිය හිටු කියල ඉන්ටවිව් කරනව. එලියට එන අයගෙ ඒතරම් ආතතියකින් පෙලුන බවක් නම් පෙනුනේ නෑ.

…මොකෝ කලින් මම් ගිහින් තියන ඉන්ටවිව් වලදි ලැබිච්ච අද්දැකීමුත් එක්ක හොදටම සූදානම් වෙලා ගියෙ ඉතින්, කඩ්ඩත් ටිකක් හදාගන :).


ඔන්න මට යන්න හම්බුනා පැනල් නම්බර් 02. එක මහත්තයෙක් මුලසුන, අනිත්  නෝන මහත්තයා සහතික බලනව වෙන්න ඕනේ. 

ගියපු ගමන් අයි ඩී එක ඉල්ලගන මූණ දිහා ඒෙහමත් බලලා චෙක් කරල එහෙම සහතික ටික දෙන්න කීව, ප්‍රශ්න මොකුත්ම නෑ... 

ඔලෙවල් ඒලෙවල් සහතික ටික චෙක් කරා... පස්සෙ උපාධිය.

 අහ්! මේ...මොකද්ද?... උපාධි  සහතිකයක්ද ? කොහෙද මේ ???... 

…මටත් ටිකක් ඒකට නම් තරහක් ආව ඇයි දෙය්යනේ අවුරුදු 4ක් කට්ට කාල ගත්ත සහතිකේ! මොකද්ද? කියල අහනව.ඉන්ගිරිසියෙන් තිබ්බ නිසා මොකද්ද කියල හොයාගන්න බැරි උනාද දන්නෙ නෑ... :)


ඒත් එහෙම වෙන්ඩ බෑ...නේ, උගත් බුද්ධිමත් මහත්තුරුනේ ඉන්ටවිව් පැනල් වල ඉන්නෙ... මම් ඉතින් පැහෑ...දිලිව කිව්ව ස... ඔක ල0කාවෙ 1* වෙනි යුනිවසිටි එක යූජීසී එක ඇපෲව්  කරපු එකක් කියලා...

…කොහෙද... මොකද්ද... මේ... කොලිටියක් නෑ... මේක යූජීසි එකට දන්වන්න වෙනව බ්ලා බ්ලා කතා ගොඩයි. ඉන්ටව් එක එච්චරයි මම් එලියේ :). 


මට ඇඩෙන්න ඔන්න මෙන්න අම්ම හිටපු නිසා වාවගන හිටියා අැයි යකෝ රස්සව දෙන  නොදෙන එක වෙනම දෙයක් ඒ වගේද  කන්ඩෙම් කරන එක! 


ඉතින් මම් එතනදිම දැන ගත්ත මේක වෙන දෙයක් නෙමේ කියල.

එන්න පිටත්වෙන්න හදද්දිම අදුරන කෙනෙක් හම්බෙලා කිවෙ, ඇයි කලින් ඉන්ටව් එකක් තිබ්බනෙ ඒකට ආවෙ නැද්ද?... කියල. ඒ ලිස්ට් එක යවලත් ඉවරයි! අපරාදෙ!

එතකොට අපිව ඉන්ටවිව් කරල තියෙන්නෙ බොරුවටද ? :)

Monday, January 6, 2014

                                                                 කඩදාසිය

        ඉතින් කොහොමද යාළුවනේ 2014 ඉයර් එකේ සතියකුත් ගියා.දැනුනේත් නෑනේ.......
මම නම් බලාපොරොත්තු ගෝනියක් කරපින්නාගෙන  2014 ඉයර් එකට පියමැන්නා.ගොඩාක් යාළුවො  2014 ඉයර් එකට මට විෂ් කරා.ඒ ඔක්කොටෝම සුබම සුබ  2014 ඉයර් එකක් වේවා කියලා ඔන්න ඉස්සලාම සුබපැතුවා...........
  මගේ  2014 ඉයර් එක පටන් ගෙන දවස් තුනක් විතර ගියාට පස්සෙ කෙනෙක් ඇහුවා
ඔයා ජීවිතේ දකින්නෙ කොහොමද ?
මිත්‍රත්වයක් ආදරයක් බවට 💑 පෙරලෙන්න බැරිද කියලා......
😲😱😲😱😲😱😲😱😲😱😵😵😵😵😵😵😵😵😵😵😵😵
ඉතින් ඔයාලට මේ ගැන මොකද හිතෙන්නෙ (අදහසක් තියනවද)
ඒ වෙලාවෙ හැටියට මට නම් හිතුනෙ මේ වගේ දෙයක්.......

ජීවිතය කියන්නෙ,
කඩදාසි කොලයක්......
කඩදාසිය(කොලය) ලොකු වුනත් පොඩි එකක් වුනත්,
ඒ කඩදාසිය ලියන දේවල් හරියට
අපේ ජිවිතය වගේ නේද.........
හොඳ දෙයක් ලිව්වොත්,
ගොඩාක් අය අගය කරයි
තරඟයක වගේ නම් තෑගිත් දෙයි......
අඩුපාඩු තියන(හොඳ නැති) දෙයක් ලියවුනොත්,
හැමෝම බනිනවා,
දන්නෙ නැති අයත් කියනව,
මේක වැරදි නේද........
කියල
එක වගේ කඩදාසි එකතු කරන්නෙත් එකට.......
කඩදාසිය වෙලාවකට පොඩිකරනව,
වෙලාවකට ඉරනව,
වෙලාවකට කපනව,
වෙලාවකට කැල්ලක් අලවනව,
තව ගොඩක් දේ අපි කරන මේ කඩදාසිය.........   


ඉතින් මේ වගේ නෙවේද අපේ ජීවිත.......
       හැබැයි මට තාමත් හිතා ගන්න බැරි " මිත්‍රත්වයක් ආදරයක් බවට 💑 පෙරලෙන්න බැරිද කියන එක"...

ඔයාට හිතෙන අදහසක් තියන්න

https://www.facebook.com/chamara.thusitha.98

Saturday, January 4, 2014

ගෙවුනු අවුරැද්ද



කාලෙකට පස්සෙ අපෙ පවුලෙ ඔක්කොම එකතු වුනා.......
එ අපි ඔක්කොම ට්‍රිප් එකක් ගියා
රත්නපුරේට
හැමෝම වගේ අපිත්...
පාන්දර නැගිටලා,
ලෑස්තිවෙලා,
සින්දු කිය කියා,
හිනා වෙවී....
(මම මේ මොනවා කියන වාද කියනාද කියනවද කියල ඔයාට හිතෙයි....)
එ වුනට මට මේ ට්‍රිප් එක අමතක වෙන් නෑ
හවස 3 ට විතර.....
දිවා ගුහාව ට ගියා
එතන කාර් පාක් එක දැක්කම මට හිතුනා
මම ඉන්නෙ
ලංකාවෙද කියලා 
එතරම්ම එතන අපේම මිනිස්සු
කන බොන අනික් හැම දේම 
ඉතුරැවෙන රොඩු ටික 
කිසිම හිකිතයක් නැතුව
ඩස්බින් තියෙද්දි
එවට දාන්නෙ නැතුව
එවා ලඟට දාලා........
එතනට ඇවිල්ලා හිටියා 
චීන කැම්පස් එකක කට්ටියක් 
එගොල්ල අපු වාහනෙන් බැස්ස ගමන්ම කරේ
අපේම මිනිස්සු කිසිම හිකිතයක් නැතුව දාලා තිබුනු කුනුටික 
ඩස්බින් වලට දැම්මා.......
අපෙම මිනිස්සු එක බලාගෙන
දිගට හරහට ෆෝන් වලින් කැමරා වලින්
ෆෝටෝ ගත්තා කැමරා කරා...... 
ඇත්තටම අපේ මිනිස්සු 
කරන්න ඔන මේ දේද ?

ගෙවුනු අවුරැද්ද

ඔන්න ඉතින් තවත් අවුරැද්දක් ඉවර වෙලා තව පැය කීපයකින් තවත් ඉයර් එකක් එනවා.අපිට දැන් හිතනවා මෙච්චර ඉක්මනට අවුරැද්දක් ගෙවිලා ගියද කියල.එතකොට ඔන්න හිතනවා ඊලඟ ඉයර් එකට අපි ගහන ප්ලෑන් මොනවද කියල.............
2013 පටන් ගන්නකොට (එ කියන්නෙ 2013 ජනවාරි 1දා) අපි කොයිතරම් දේවල් මේ ඉයර් එකේ කරනවා කියලා හිතුවද.....
එත් එවායින් කීයක් අපිට මේ ඉයර් එකේ කරගන්න පුලුවන් වුනාද.............
50%වත් කර ගන්න පුළුවන් වුනා නම් අපි ටිකක් හරි සාර්ථක වුනා කියලා හිතන්න පුළුවන් නේද..
එත්.........
ඇත්තටම මේ ඉයර් එකේ අපිට කොයි තරම් නම් දේවල් වුනාද.........
lect/clz ගියා 
lect/clz cut කරා 
lect/clz ආවා
ඉගනගත්ත අමතක කරා නෑ නෑ අමතක වුනා
film බැලුව
නිදි මරාගෙන chat කරා
trip ගියා
කෙල්ල/කොල්ල සෙට්වුනා
කෙල්ලට/කොල්ලට බූට් තිබ්බා
කෙල්ලගෙන්/කොල්ලගෙන් බූට් කෑවා
exam pass වුනා 
exam fail වුනා
interview pass වුනා 
interview fail වුනා
යාළුවො හම්බුනා
යාළුවො නැතිවුනා
ඔයවගේ ජීවිතේට කොයිතරම් නම් දේවල් තොගයක් මේ ඉයර් එකේ දි එකතු වුනාද(පොඩ්ඩක් මම මේ කියනවට හිතලා බලන්න.....)
මොන දේ එකතු වුනත් එ හැම දෙයක්ම ජීවිතයට පන්නරයක් කියල හිතලා, මේ ඉයර් එකේ දි වුනු වැරදි ඊළඟ ඉයර් එකේ දි නොකර ඉන්න පුළුවන් නම් තමා හොඳ නේ........
මම මේ කියන එවට සමහරැන්ට හිතෙයි මූ මොන පිස්සූවක් කියවනවද කියලා.එත් ඉතින් ඔය කවුරැ මොනවා කිව්වත් මොනව හිතුවත් මට එ දෙයක් කියන්න පුළුනන් ,
එ් අපි අවුරැද්දෙන් අවුරැද්ද, මාසෙන් මාසෙ, දවසින් දවස, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරෙන් තත්පරේ වයසට යනව කියන එක විතරක් මට කියන්න පුළුවන්.......

සංවාදට විවෘතයි....